මරාගෙන මැරෙන කොටි කත සහ ‘ෆොනී’ගේ සම්බන්ධය ගැන සොයයි.
2009 දෙසැම්බර් 17 වෙනි බ්‍රහස්පතින්දා, 16:43 lanka C news
යුධ හමුදා මූලස්ථානයේදී හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා ඉලක්ක කොටගෙන මරාගෙන මැරෙන කොටි කාන්තාවක් විසින් එල්ල කරන ලද ප‍්‍රහාරය පිලිබඳව පරීක්‍ෂණ කණ්ඩායම මෙතෙක් සොයාගනු ලැබූ ඊට අදාල රහස්‍ය තොරතුරු ඉදිරියේදී අණාවරණය කිරීමට සූදානමින් ඇතැයි වාර්තා වේ.
එම පරීක්‍ෂණ තොරතුරු අනුව, මෙම කොටි කාන්තාව ඊට පෙර පස් වතාවක් යුධ හමුදා මුලස්ථානයට පැමිණ සරත් ෆොන්සේකාව මුණ ගැසී ඇත. ඒ සෑම අවස්ථාවකදීම ඇයව යුධ හමුදා මූලස්ථානයට ගෙනවිත් ඇත්තේ යුධ හමුදාපතිවරයාගේ වාහනයකිනි. මෙම කොටි කාන්තාව හා සරත් ෆොන්සේකා අතර සමීප සම්බන්ධයක් පැවතී ඇත. මේ නිසා යුධ හමුදාපතිවරයාගේ පෞද්ගලික රියදුරා විසින් පදවන වාහනයකින් පැමිණෙන කාන්තාව පරීක්‍ෂා කිරීමකට පවා ලක් වී නැත. ඒ එම වාහන පරීක්‍ෂා නොකරන ලෙස ෆොන්සේකා විසින් දී තිබූ නියෝගයකට අනුවය.
සිද්ධය වූ දිනයේදීද ඇයව යුධ හමුදා මුළස්ථානය වෙත ගෙනවිත් ඇත්තේ හමුදාපතිවරයාගේ රියදුරා විසින් එම වාහනයෙනි. කිසියම් හේතුවක් මත හමුදාපතිවරයා හමුවීම ප‍්‍රමාද වන නිසා ඇය එළිමහන් ප‍්‍රදේශයට වී සිට ඇත. හමුදාපතිවරයා තම රථයේ නැඟී එනවාත් සමඟ ඇය වාහනය අසලට ගෙස් තිබේ. මුල් අවස්ථාවේදී ඇයට වෙඩි තැබීමක් පවා නොකර ඇත්තේ, ෆොන්සේකා හා ඇය අතර පැවති සම්බන්ධය ආරක්‍ෂක නිළධාරීන් දැන සිටි බැවිනි.
මෙම තොරතුරු අදාල පරීක්‍ෂණ කණ්ඩයම සාක්කි සහිතව සොයාගෙන ඇතත් ඒවා මෙතෙක් හෙළිදරව් කර නැත. එහෙත් විනය හා යහපාලනය ඇති කිරීමට යයි කියමින් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට කටයුතු කර තිබෙන නිසා එම සියළු තොරතුරු අණාවරණය කිරීමට අදාල පරීක්‍ෂණ කණ්ඩායමට උපදෙස් ලැබී ඇත.