RSS

Wednesday, December 30, 2009

රාජ්රත්නම්ගේ බිරිඳගෙන් ෆොන්සේකාට කෝටි 20 Ŝ

රාජ්රත්නම් නැමති කුප‍්‍රකට කොටි හිතවාදී ව්‍යාපාරිකයාගේ බිරිඳ විසින් පසුගිය අඟහරුවාදා එජාප-ජවිපෙ ඒකාබද්ධ අපේක්‍ෂකයා වූ සරත් ෆොන්සේකාට රු. කෝටි 20ක මුදලක පරිත්‍යාගයක් සිදු කර ඇත. මෙම මුදල ලබා දී ඇත්තේ, රාජ්රත්නම් බිරිඳ වාසය කරන කොළඹ පිහිටි ඇයගේ නිවසට ෆොන්සේකා පැමිණි අවස්ථාවේදීය.

රාජ් රත්නම් කොටි සංවිධානයට කෝටි ගණනින් මුදල් ලබා දුන් ඇමරිකා එක්සත් ජනපදයේ පදංචි ව්‍යාපාරිකයෙකි. ත‍්‍රස්තවාදයට මුදල් ලබා දීම යන චෝදනාව යටතේ දැනට ඔහු සිටින්නේ එරට පොලිස් අත්අඩංගුයට පත්වය. රාජ්රත්නම් බිරිඳ දිගු කලෙක සිට වාසය කරන්නේ කොළඹ පිහිටි ඇයගේ නිවසේය. සරත් ෆොන්සේකාට අදාල මුදල් ලබා දී ඇය ඉල්ලා ඇත්තේ ඔහු ජයග‍්‍රහණය ලදහොත් රාජ්රත්නම් බේරා ගැනීමට සහයෝගය ලබා දෙන මෙන්ය. සරත් ෆොන්සේකා එහිදී සහතික වී ඇත්තේ ඒ වෙනුවෙන් කැපවන බවය.


No comments: